SPORTS

ඉන්දියාව සමග වූ සිව්වන එක්දින තරඟයේ නායකත්වය මලිංගට

සංචාරක ඉන්දියාව සමග පැවැති තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළ නිත්‍ය උප නායක චාමර කපුගෙදර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන එක්දින තරගයේ නායකත්වය ලසිත් මාලිංගට ලබාදී තිබේ.

මීට පෙරදී ලසිත් මාලිංග 2014 වසරේ දී පන්දුවාර 20-20 තරඟයේ නායකයා ලෙස කටයුතු කරමින් ලෝක කුසලානය ද ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.