උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස හිමියන් වෙත සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

බලපෑමට ලක් වූ පවුල් පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ අනූව මෙම තීරණය ගෙන තිබේ. එසේම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑම්වලට ලක්වූ පවුල් සඳහා තවදුරටත් සහන සැලසේ.

නිවාසවලින් දැනට ඉවත් කර ඇති පවුල්, විකල්ප ඉඩම්වල නැවත පදිංචි කරන තෙක් මාස 6ක උපරිම කාලසීමාවකට යටත්ව රුපියල් 10,000 සිට 25,000 දක්වා මාසික නිවාස කුලී දීමනාවක් ලබා දෙනු ඇත.

මීට අමතරව විපතටපත් පවුල් සඳහා දැනට ලබාදෙන වියළි සලාක, තවත් මාස 6ක් ලබා දීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top