අයිතිවාසිකම් ගැන පමණක් කතා කරන දේශපාලකයන් ජනතාව ජීවත්වීම ගැනත් සොයා බැලිය යුතුයි – කිලිනොච්චිය ජනතාව

හැමදාම අයිතිවාසිකම් අයිතිවාසිකම් යැයි පෙර පාසලේ සිට සෑම වේදිකාවලම කතා කරන දේශපාලකයන් ජනතාවගේ දිළිඳුකම තුරන් කර ඔවුන්ට තුන් වේලක් ආහාර සොයා ගැනීමට හැකි මඟක් සලසා දිය යුතු යැයි කිලිනොච්චිය පොන්නකර්, අක්කරායන් ප්‍රදේශවාසීන් පවසති.

මේ අය අයිතිවාසිකම් ලබා දෙන අවස්ථාවේ අපි ජීවතුන් අතර සිටියිද යන තත්වයක් දැන් දිස්ත්‍රික්කයේ දිළිඳුකම ව්‍යාප්තවී තිබෙනවා. වේල් දෙකක් පමණක් ලැබෙන තත්වය ඉදිරියේදී එක් වේලකට පමණක් සීමාවීමේ තත්වය පැමිණීමට පෙර ජීවත්වීමට හැකි පරිසරයක් ඇති කර දෙන්නැයි එම ජනතාව ඉල්ලා සිටිති.

යුද්දයෙන් පසු කාලය තුළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දිළිදුකම ඉහළ ගොස් තිබේ. රැකියා අවස්ථාවන් නොමැති හෙයින් කිලිනොච්චියේ ගම්මාන රැසක ජනතාවට වේල් දෙකක ආහාර සොයා ගැනීමට ද නොහැකි තත්වයක් පවතියි. දේශපාලකයන් හෝ බලධාරින් මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බව දැක්නට නොමැත. යුද්දය හේතුවෙන් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිඳුව ඇති අතර, ජනතාවගේ ජීවනෝපාය මාර්ගද විනාශයට පත්වී තිබේ. නැවත පදිංචියෙන් පසු තාවකාලික හෝ ස්ථීර නිවාස ලැබී ඇති නමුත් පවුල් ගණනාවකට තම ජීවනෝපාය කටයුතු සඳහා වූ ආර්ථික වත්කමක් නොමැති තත්වයක් පවතින බවද එම ජනතාව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top