SRILANKAN NEWS

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය සරසවි සිසුවාගේ නිවසේදී

img_7780– කිලිනොච්චිය –

දැඩිව හෙළා දකින අතර සාධාරණීය පරීක්‍ෂණයක් අවශ්‍යයි – මාවයි සේනාදිරාජා

පොලීසිය ප්‍රථමයෙන් ලබාදුන්නේ අසත්‍ය තොරතුරුය. නමුත් මම වෛද්‍යවරුන් සහ බොහෝ දෙනෙකු සමඟ කථා කිරීමෙන් අනතුරුව පැහැදිළිව දැනගත්තා, මෙම සිසුන් මිය ගොස් තිබෙන්නේ වෙඩි තැබීමකින් බව. මින් පසු මෙවැනි සිඳුවීම් සිදු නොවිය යුතු බවත්, මෙම සිද්ධියට සම්බන්‍ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි සිසුන් මගෙන් ඉල්ලා සිටියෝය.

මේ සම්බන්‍ධයෙන් වහාම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස අපි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ද දැනුවත් කළා. ඉන් අනතුරුව සිද්ධියට අදාළ සැකපිට පොලිස් නිළධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

img_7755මෙම සිද්ධිය අපි සියළු දෙනා දැඩිව හෙළා දකින අතර, අපක්‍ෂපාති සාධාරණීය පරික්‍ෂණයක් සිදුකළ යුතුයි. මෙම දුප්පත් පවුලේ දරුවකු මිය ගොස් තිබීම ගැන ඉතා කණගාටුවට පත්වන්නෙමු. එම පවුලට නිසි සාධාරණය ලැබිය යුතු අතර අපද එම පවුලට සහාය ලබාදෙන්නෙමු යැයි මාවයි සේනාදිරාජා මහතා වැඩිදුරටත් පැවැසීය.

img_7757

 

 

පොලීසියේ ප්‍රචණ්ඩත්වයට හේතුව ත්රස්තවාදය වැළැක්වීමේ පනතය – මුරුකේසු චන්ද්‍රකුමාර්

ශ්‍රී ලංකා පොලීසියේ වෙඩි තැබීමකින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු මියගොස් තිබීම පිළිකුල් ලෙස හෙළා දකිය යුතුය. රටේ පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත තමයි පොලිසියේ මෙවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියාවට හේතුවී තිබේ. එම පනත ඕනෑවට වඩා බලයක් පොලිසිය ලබාදී තිබේ. යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතුව එහි ප්‍රතිඵලය වේ.

එම නීතිය අහෝසි කළ යුතුයි. මොන ආණ්ඩුවක් ආවත් මෙම පනත යොදා දෙමළ ජනතාව මර්ධනය කිරීමේ වැඩපිළිවල දිගටම සිදුකරමින් සිටියි. මෙම පනත මඟින් පොලිසියට ඔනෑම කෙනෙකුට තම තුවක්කුව දිගු කළ හැකියි යන තත්වය වෙනස් කළ යුතුයි.

img_7772මෙම සිද්ධියෙන් විපතට පත්වූ පවුල්ව