නව නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති අතර හමුවක්

නව නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (30) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමු විය.

එහිදී ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානය වෙත ඉතා සුහඳව පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සම්මාන මුරයක් ද පිරිනැමිණි.

අනතුරුව ඔවුන් අතර සුහද කතාබහක් ද සිදු වු අතර පසුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමක් ද සිදු විය. මේ අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන් ද සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top