නව අධිකරණ ඇමැතිනී වැඩ භාර ගනී

නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද (31 ) පෙරවරුවේ සුබ නැකතට අනුව අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර ,අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top