උසස් පෙළ ප්‍රශ්ණ පත්‍ර පිට කළැයි චෝදනා ලැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිට කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා, සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් 05 දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඊයේ (30) නියෝග කර තිබේ.

එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිවරයා රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටද නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top