හමුදා සෙබලෙකු සියදිවි නසා ගනී

කිලිනොච්චිය සිට දම්මන්න හමුදා කඳවුරේ විශේෂ පුහුණු පාඨමාලාවකට පැමිණි කොමාන්ඩෝ සෙබළෙකු ඊයේ (30) සවස හමුදා කඳවුරේ බංකරයක් තුළ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තාවේ.

මහනුවර – තොටවැල්ඔලුව ප්‍රදේශයේ පදිංචි කේ.එස්.ටී.ඩබ්ලියු.එම්. දොඩම්වල නැමැති 22 හැවිරිදි සෙබලා මෙලෙස සිය දිවි නසාගෙන තිබේ. ප්‍රේම සම්බන්‍ධතාවයක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලිසිය විසින් සැක පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top