කොන්දේසි මත රතුපස්වල සිද්ධියේ බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කර තිබේ.

බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර ඇති අතර සැරයන්වරයාට මුදලින් රුපියල් 50,000ක ඇපයක්ද රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර ඇත.

සැම මාසයකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියම කර තිබේ.

සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසටද විනිසුරුවරයා නියෝග කර ඇත. අධිකරණයට දැනුම් දීමකින් තොරව පදිංචිය වෙනස් නොකරන ලෙසටද ඔවුන්ට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top