මඩකළපුව කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ..

මඩකලපුව, කරදියනාරු කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය ඊයේ (31)  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර කෘෂි අභ්‍යාස ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක‍ෂණ චාරිකාවක ද නිරත විය. කෘෂි අභ්‍යාස ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, නැගෙනහිර පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය තුරෙයිරාස සිංගම් යන මහත්වරුන් ඇතුථ පළාතේ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top