ඡන්ද හිමි නාමලේඛනය තුළ තම නම ඇතුළත් වී නැත්තන් වහාම දැනුම් දෙන්න

2017 ඡන්ද හිමි නාමලේඛනය තුළ තම නම ඇතුළත් වී නොමැති නම් වහාම මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සංශෝධිත නාමලේඛනය මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම 2016 ඡන්ද හිමි නාමලේඛනය පිළිබඳව ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ද තොරතුරු ලබාගත හැකි බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ප්‍රදේශ රැසක ඡන්දය සඳහා ලියාපදිංචි වීමේ අඩුවක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top