SRILANKAN NEWS

පොලිතීන් භාවිතාව අද සිට තහනම් – අදාල ගැසට් නිවේදනය නිකුත් කරයි..

මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් අද (01) නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත

ඒ අනුව අද (01) සිට දේශීය භාවිතය සඳහා ප‍්‍රසාරික පොලිස්ටයරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳ නිපදවීමද තහනම් වනු ඇත. එමෙන්ම එම ද්‍රව්‍ය අලෙවිය, අලෙවිය සඳහා ප‍්‍රදර්ශනය කිරීම, නොමිලේ ලබාදීම හෝ භාවිතය ද තහනම් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් අද සිට පොලිතීන් තහනම් වන බවට ප්‍රකාශයට පත් වුවද එය එළඹෙන ජනවාරිය තෙක් ක්‍රියාත්මක නොවන බවට බලධාරින් දැනුම්දී ඇති බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා කියා සිටියේය.