දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට අහාර ලබා දෙන්නන්ට දඩ

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සතුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුනට අනවශ්‍ය ලෙස ආහාර ලබාදෙන්නන්ට එරෙහිව දඩ මුදල් ලබා දීමට වනජීවී සහ තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වී ඇති අතර සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ, සහකාර අධ්‍යක්‍ෂිකා අනෝමා ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුළු නිලධාරීහු මෙන්ම සත්ව භාරකරුවෝද සහභාගි කරවා මෙම ගැටලුව සම්බන්ධව සාකච්ජා කර තිබේ.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top