SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය : උතුරේ ජනතාව කලබල වෙන්න එපා – ඩි.එම්. ස්වාමිනාදන්

Swaminathan ස්වාමිනාදන්යාපනය සරසවි සිසුන්ගේ මරණය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ඇති බව පවසා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා උතුරේ ජනතාව කලබල නොවී සිටින ලෙස ඉල්ලා තිබේ.

යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු යාපනය කොක්කුවිල් කුලප්පිටි හංඳියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වී මිය ගොස් ඇති බවට පවසා තිබූ නමුත්, ඔවුන් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට හෙළිවී තිබේ. යාපනයේ සංචාරය කළ අවස්ථාවේ මේ සම්බන්‍ධයෙන් තම අවධානයට යොමු කළ බව පැවැසූ අමාත්‍යවරයා මේ සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්‍ධ පොලිස් නිළධාරීන් පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවද පවසා තිබේ.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූ සරසවි සිසුන්ගේ දෙමව්පියන්, ඥාතීන් සහ මිතුරුන් ඇතුළු සියළු දෙනා වෙත සිය ශෝකය පළකරන බව පවසා ඇති ස්වාමිනාදන් මහතා අපක්‍ෂපාති නීතිමය ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා බවත්, උතුරේ ජනතාව කලබල නොවී සිටින ලෙස ද ඉල්ලා තිබේ.

– Global Tamil News : Sinhala