SRILANKAN NEWS

සමාවන්න, අවමඟුල් කටයුත්ත ඇතුළු සියළු වියදම් අපි කරන්නම් – ගජන්ගේ මව වෙත පොලිසිය කියයි..

img_7757-1පොලිස් නිළධාරීන් යාපනය රෝහලේ සිට මාවයි දුවවයි ඒ.සී. වාහනයකින් යාපනය පොලිස් ස්ථානයට කැඳවා ගෙන ගියා. එහිදී අපට තේපැන් ලබාදුන්නා. අපි එය ප්‍රතික්‍ෂේප කළා. අනතුරුව එහි කැම්පස් ළමයි ද පැමිණ සිටියා.

පොලිස් ස්ථානයේදී ‘මෙය අපි සැලසුම් කරලා කළේ නැහැ, වැරදීමකින් සිඳුවූ සිද්ධියක්, පොලිස් නිළධාරීන් වෙරි මතේ සිටියාද දන්නේ නැහැ, තැබූ වෙඩිල්ල සිසුන්ට වැදී තිබේ. අපට සමාවන්න, මින් පසු මෙවැනි දේවල් සිදුවන්නේ නැහැ. සිද්ධියට සම්බන‍්ධ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට කොළඹ සිට කණ්ඩායමක් පැමිණීමට නියමිත අතර, අදාළ නිළධාරීන්ව අපි අත්අඩංගුවට ගෙන තිබෙනවා, නොදැනුවත්ව සිඳුවූ මේ සිද්ධියට සමාවන්න‘

අවමඟුල් කටයුතු ඇතුළු සියළු වියදම් පොලිසිය විසින්ම සිදු කර දෙන බව පවසා කිලිනොච්චිය ඩි.අයි.ජි. කාර්‍යාලයට ද දුරකථන ඇමතුමක් ලබාදී අපගේ නිවසේ ලිපිනයද ලබාදී අවශ්‍ය සියළු උදව් ලබා දෙන්නැයි පවසා සිටියා.

තමන් කළ වරදට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු, මිනී පෙට්ටි වියදම, වාහන වියදම, ඇතුළු සියළු වියදම් පොලීසිය විසින් සිදු කර දෙන බවත්, නිවසේ වියදම ද ඔවුන්ම භාර ගන්නා බවද පවසා සිටියෝය. නමුත් අපගේ ඥාතීන් ඔවුන්ට කිසිවකු කරන්නට ඉඩ දුන්නේ නැහැ පොලීසිය මෙහි පැමිණීමට අවශ්‍ය නැති බවත්, ඔවුන්ගේ උදව් ආධාර අවශ්‍ය නැති බවද පවසා ඔවුන්ව හරවා යැව්වෙමු.

ඉන්පසු කොළඹ සිට පොලිසියේ ඉහළ නිළධාරියකු කථා කරන බව පවසමින්, ඔබගේ දරුවන සාමන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්ව තිබෙනවාද, ඔවුන්ට අපි රැකියාවක් ලබා දෙන්නම්, මෙම උදව්ව අපි මානුෂික වශයෙන් කරනවා, අපට සමාවන්න, මෙය වැරදීමකින් සිදුවූ සිද්ධියක් යැයි පවසා සිටි බව යාපනය සරසවිවියේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන් නැමැති සිසුවාගේ මව නඩරාජා සරෝජිනි (61) පවසා තිබේ.

– Global Tamil News : Sinhala