රෝහින්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්

මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජනතාවට එරෙහිව රාජ්‍ය හමුදාව හා බෞද්ධ ජාතිකවාදී සංවිධාන විසින් සිඳුකරන මිලේච්ඡා ප්‍රචණ්ඩත්වය වහාම මැඩපැවැත්වා පීඩාවට පත්වු ජනතාවට සාධාරණයක් ලබාදීමට එක්සත් ජාතින් සංවිධානය ඉදිරිපත් විය යුතු බවත්, මෙම ජන සංහාරය පිළිබඳව ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා ඊයේ (2) දින අට්ටාලයිචේනයි ප්‍රදේශයේදි විරෝධතාවක් පවත්වා තිබුණි.

අම්පාර දිස්ත්‍රික්ක ප්‍රජා සේවා සංවිධානයේ නායක එස්.එල්. මුනාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට නැගෙනහිර පළාත් සෞඛ්‍ය ඇමැති ඒ.එල්.එම් නසීර්, අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එම්. වාහිද්, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්‍ධිකාරක සුෆියාන් රමීස්, වෛද්‍ය අචාර්‍ය නක්බර් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

රෝහින්‍යා මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් එක්සත ජාතීන් සංවිධානය ඇතුළු මුස්ලිම් රටවල් මැදිහත්විය යුතු බවත්, එම ජනතාවට නිසි ආරක්‍ෂාව ලබාදීමට හෝ වෙනත් රටක රැකවරණය ලබාදීමට පියවර ගත යුතු යැයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියෝය.

3 thoughts on “රෝහින්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්”

  1. On top of that, the GSA ranker is vibrant as well as could search
    for entry targets by itself, that makes it
    practically totally automated when it comes to backlink building.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top