SRILANKAN NEWS

පොලීසියේ බලපෑම් නිසා විරෝධතාව අත්හරියි ???

why ඇයියාපනය සරසවි සිසුවාගේ ඝාතනය හෙළාදැක කිලිනොච්චිය ජනතාව විසින් සංවිධානය කළ විරෝධතාවය පොලීසියේ ඉහළ මට්ටමින් කළ බලපෑම් මත අත්හිටුවා ඇති බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

අද සෙනසුරාදා දින 11ට පමණ කිලිනොච්චිය පාරදිපුරම් ප්‍රදේශයේ පිහිටි ඝාතනයට පත්වූ යාපනය සරසවියේ 3වැනි වසරේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන්ගේ නිවසේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කර, කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය දක්වා ගොස් එහිදී පෙත්සමක් භාරදීමට පාරදිපුරම් ප්‍රදේශවාසීන් තීරණය කර තිබුණි. නමුත් ඝාතනයට පත්වූ සිසුවාගේ පවුලේ ඥාතීන් කළ ඉල්ලීමකට අනුව එම විරෝධතාවය අත්හැර තිබේ.

එම සිසුවාගේ පවුලේ ඥාතීන් සමඟ පොලිසියේ ඉහළ නිළධාරින් කථා කිරීමෙන් අනතුරුව ඔවුන් විරෝධතාවය පැවැත්වීමට අකමැත්ත පළ කළ බවත්, මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන්ට පොලිසිය විසින් බලපෑම් එල්ල කර ඇතැයි තමන් සැක කරන බව ප්‍රදේශවාසීන් කිහිපය දෙනෙකු පවසා තිබේ.

තමන් සංවිධානය කළ විරෝධතාවය මියගිය සිසුවාට සාධාරණයක් ලබාදිය යුතු බවත්, අපරාධකරුවන්ව කඩිනමින් නීතියේ ඉදිරියට ගෙන්විය යුතු යැයි අවධාරණය කර විරෝධතාවය පැවැත්වීමට තීරණය කළ බවට ප්‍රදේශවාසීන් පවසා තිබේ.

– Global Tamil News : Sinhala