මෙරට මුහුදු සීමාව තුළ අත්අඩංගුවට පත්වූ ඉන්දිය ධීවරයන් 80ක් නිදහස් කරයි..

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු යලි එරටට භාර දීම ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

අත්අඩංගුවට පත් ධීවරයින් 76 දෙනා අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වේ. ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී පතුළ මත ඇදගෙන යාමේ (Bottom trawling) තහනම් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය සාගර සම්පත් වලට දැඩි ලෙස හානිකරන ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැඳින්වේ.

එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ L 820 නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 41 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූ අතර, ඔවුන් අද මධ්‍යහ්නයේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top