දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිඳුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

මනම්පිටිය මහියංගණය මාර්ගයේ රත්මල්කණ්ඩිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි තෙල් බවුසරයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

සූරියවැව හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන ආරක්‍ෂක වැටක ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර, හෝමාගම ප්‍රදේශයේ දී අද උදෑසන යුද හමුදා ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් යුද හමුදා නිලධාරීන් දාහත් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ හමුදා නිලධාරින්ව හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top