ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

jaishankarතෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ දිවයිනට පැමිණ ඇත.

ඉන්දියන් ගුවන් සේවයට අයත් ඒ.අයි.281 දරන ගුවන් යානයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණ ඇති අතර ඒ මහතා සමඟ තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය ව්‍යාපාර, මෙරට ප්‍රවර්ධනය කිරීම සහ මෙරට ආයෝජන පිළිබඳ සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස සැලසුම් කර ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top