ඉන්දු – ලංකා ඒකාබද්ධ යුධ පුහුණු අභ්‍යාසය හෙට සිට..

india srilanka_CI ඉන්දියා ශ්‍රී ලංකාඅන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, එම අභ්‍යාසය හෙට (24) දින සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.

දෙසතියක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් හය දෙනෙක් සමගින් 45 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් සහභාගි වීමට නියමිත අතර, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ හා සමාන භට පිරිසක් සහභාගිවීමට නියමිතය.

වාර්ෂික පුහුණු වැඩසටහනක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය මීට පෙර ඉන්දියාවේ දී දෙවරක් පැවැත්වූ අතර, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී එක් වරක් පවත්වනු ලැබීය. මෙමගින් ද්විපාර්ශවික හමුදාමය සම්බන්ධතාවයත්, අසල්වාසී හමුදාවන් අතර අවබෝධය සහ බැඳීම් ඇති කිරීමටත් ඉවහල් වේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top