රටේ ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් පැහැර හරින්නේ නැහැ – ජනපති

රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ නව ප‍්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයට අද (07) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පක්ෂය නොව ප‍්‍රශ්නය දෙස බලමින් රටේ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඕනෑම කෙනෙකු දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ විට රජයේ පූර්ණ මැදිහත්වීම ලබාදෙමින් එම ගැටලුව විසඳීමට කටයුතු කරන බවත්, නගරයේ පාසල්වල තිබෙන තද බදය සහ ජනපි‍්‍රය යැයි සැලකෙන පාසල් සඳහා ඇති තරගය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ ප‍්‍රාදේශීය වශයෙන් සියලු පාසල් අංග සම්පූර්ණ කිරීමෙන් බව ද පවසා තිබේ.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබෙන සම්පත් හිඟය අවසන් කර රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී සිටින අතර, දිවයිනේ පළාත් නවයේම ජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත්, රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top