SRILANKAN NEWS

හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදාව සූදානමින්

පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.

කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, කුකුලේගඟ, බුලත්සිංහල, අගලවත්ත සහ කුරුවිට ප්‍රදේශයන් හී ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවට ලැබි ඇති වාර්තා අනුව හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණදිම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් මේ වන විට එම අවදානම් සහිත ප්‍රදේශයන් හී ස්ථානගතව සිටි.

තවද, හදිසි තත්ත්වයක දී භාවිතා කිරීමට WMZ සන්නද්ධ රථ 6 ක් සහ බෝට්ටු කිහිපයක් ද සුදානම් කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවතින අයහපත් කාලගුණික තත්තවය සහ හදිසි ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳව අධීක්ෂණය කරමින් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සඳහා මුහුණදීමට සුදානමින් සිටින ලෙස දිවයින පුරා සියලුම යුද්ධ හමුදා කඳවුරු වෙත උපදෙස් ලබාදී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදා මුලස්ථාන අධ්‍යක්ෂක ක්‍රියාන්විත සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට රජයේ ආයතන සහ ප්‍රදේශීය බළධාරින් සමඟ සෘජු සම්බන්ධතාවයෙන් කාලගුණික තත්ත්වයේ වෙනස්වීම් පිළිබඳව විමසිලිමත්වෙමින් අදාල පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

army.lk