අද සිට ලබන 14 වනදා දක්වා වර්ෂාපතනයේ තාවකාලික වැඩවීමක්

අද සිට ලබන 14 වනදා දක්වා වර්ෂාපතනයේ තාවකාලික වැඩවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

අකුණු අනතුරු පිළිබදව ද අවධානයෙන් සිටිය යුතු අතර, නායයාම් ඇතුළු ආපදා පිළිබද තවදුරටත් විමසිලිමත්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top