වසරේ ගත වූ කාලය තුළ අල්ලස් පැමිණිලි 1,710 ක්

වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1,710 ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එයින් පැමිණිලි 1020ක් සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශණ සඳහා පියවර ගෙන ඇති බවද පැවැසේ.

පනතට අදාළ නොවීම හෝ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පැමිණිලි 404 ක් වැඩිදුර විමර්ශනය නොකිරීමට තීරණය කර ඇති අතර, ලැබුණු පැමිණිලිවලට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නඩු 51 ක් පවරා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top