අර්ජුන් ඇලෝසියස් අද පස්වන දිනටත් කොමිසම හමුවට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා පස් වන දිනටත් අද (11) ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසීමට එරෙහිව අද සිය විරෝධතාවය පළ කර තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා පසුගියදා එම කටයුත්තෙන් ඉවත් වූ අතර අද සිට එහි නීතීඥ කටයුතු සඳහා මැදිහත්වන්නේ විදේශකටයුතු අමාථ්‍ය තිලක් මාරපන මහතාගේ සොහොයුරු ගාමීණී මාරපන මහතා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top