SRILANKAN NEWS

අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

එස්ටෝනියා ජනරජය, පේරු ජනරජය සහ තායිලන්තය සඳහා මෙම නව තානාපතිවරුන් පත් කර තිබෙන අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01- Mr.Riho Kruuv- Ambassador of the Republic of Estonia
02- Mr.Jorge Juan Castaneda Mendez – Ambassador of Peru
03- Mrs. Chulamanee Chartsuwan- Ambassador of Thailand

ඉතා ශක්තිමත් මිත‍්‍ර සබඳතා සහිත ජාතීන් අතර ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමෙන් ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයේ තිරසාර බව සහතික කළහැකි බවත්, ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නව තානාපතිවරුන් කැපවී කටයුතු කරනු ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.