කිලිනොච්චිය මුරුකානන්දා විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයෙහි ගින්නක්

කිලිනොච්චියෙහි ප්‍රසිද්ධ පාසලක් වන මුරසුමෝට්ටයි මුරුකානන්දා විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයෙහි විදුලි කාන්තුවක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබේ.

පාසලේ අධ්‍යාපන කටයුතු සිදුවන අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති අතර, සිසුන් හා ගුරුවරුන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ. කෙසේ නමුත් විද්‍යාගාරයේ ලක්‍ෂ ගණනක දේපළ විනාශයට පත්වී තිබේ. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී පාසල්වලට ඉදිකරදීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top