නැගෙනහිර පළාත් සභාවේදී 20 වැනි සංශෝධනය සම්මත වෙයි..

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදී අද (11) වැඩි ජන්දයෙන් සම්මත කර තිබේ. නැගෙනහිර පළාත් සභා සභාපති තන්දිරදාස ගලපදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට සභාව රැස්වුණි. එහිදී ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණි සිටීම හේතුවෙන් සභාව පස්වරු 1 දක්වා කල් තැබුණි.

එහිදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වූ අතර, සභාවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ ජන්ද 24ක්ද විපක්‍ෂව ජන්ද 7ක්ද ලැබී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top