ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව රුපියල් බිලියන ගණනක වියදමින් 2011 ජූලි මස 20 වනදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල් ගත් තබා, වසර දෙකකින් අවසන් කරන බවට පැවැසූ කිලිනොච්චිය ක්‍රීඩාංගනයේ අලුත්වැඩියා කටයුතු අතරමඟ නවතා දැමීම සම්බන්ධයෙන් කිලිනොච්චිය ජනතා සිය කනස්සල්ල පළකරති.
කිලිනොච්චිය නගරයට මැද අක්කර ගණනාවක ප්‍රදේශයකදී ක්රීඩාගාර රැසකින් යුතුව ඉදිකිරීමට සැලසුම් කර තිබූ එම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු මෙලෙස නවතා දමා තිබේ.
මෙවැනි තත්වයකදී ආණ්ඩු වෙනසකින් පසු නව ක්‍රීඩා කටයුතු ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගිය 2015 ඔක්තෝම්බර් මස 27 වනදා කිලිනොච්චියේ සංචාරයක නිරතවූ අතර, එහිදී මෙම ක්‍රීඩාංගනයේ ඉදිරි වැඩ කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන බවත්, කඩිනමින් වැඩ කටයුතු අවසන් කර 2016 වසරේ ජාතික ක්‍රීඩා තරඟ කිලිනොච්චියදී පවත්වන බවද පවසා තිබුණි. කෙසේ නමුත් මෙතෙක් එවැනි කිසිවක් සිඳුවී නොමැත.
කිලිනොච්චිය ක්‍රීඩාංගනයේ අලුත්වැඩියා කටයුතු සඳහා වෙන්කළ රුපියල් මිලියන 200ක මුදක් අනුරාධපුරයට යවා ඇති බවට පසුගිය මස පැවැති කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේදී පෙන්වාදී තිබුණි. තවද එම කාල වකවානුවේදීම ආරම්භ කරන ලද කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ක්‍රීඩාංගනවල අලුත්වැඩියා කටයුතු අවසන්වී ඇති බවද සඳහන් කෙරුණි.
එමෙන් ඉකුත් ක්‍රීඩාංගනයේ අලුත්වැඩියා කටයුත්ත තවඳුරටත් ප්‍රමාද නොකර කඩිනමින් එම වැඩකටයුතු අවසන් කරන ලෙස කිලිනොච්චිය ජනතාව ඉල්ලා තිබේ.
Add Comment