රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සදහා සිසුන් බඳවාගැනීම හා උපාධි පිරිනැමීම නතර කිරීම සම්බන්ධ ගැසට්‌ නිවේදනය නිකුත් නොකිරීමට විරෝධය පළකරමින් අද (12) සිට ලබන 15 වනදා තෙක් වැඩවර්ජන ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

එ් අනුව දිවයින පුරා රෝහල්වල එක්‌ දින වැඩවර්ජන දියත් කෙරෙනු ඇති අතර යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, නුවරඑළිය, හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කයන්හි අද දිනය තුළ ද වවුනියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොනරාගල හා මාතර දිස්‌ත්‍රික්‌කයන්හි හෙට (13) දිනය තුළද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අනිද්දා (14) දිනය තුළ අනුරාධපුරය, කුරුණෑගල, නුවර, රත්නපුර, ගාල්ල සහ 15 වනදා පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර යන දිස්‌ත්‍රික්‌කයන්හි රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top