අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධයෙන් ජනපති අත්සන් තබයි..

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධ වාර්තාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇත. ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද ගැසට් නිවේදනය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලබන 15වනදා සිට එම කාර්‍යාලය ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෑතකදී අතුරුදන්වූවන්ගේ ඥාතින් සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡා හමුවෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top