දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු අඟවීම් තවඳුරටත්..

මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්වලට ඊයේ දිනයේ දී නිකුත් කළ ආපදා අවදානම තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි තත්ත්වය අඩු වුවද ආපදා පිළිබඳව විමසිලිමත් වන ලෙසට දැනුම් දී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව පවසා තිබේ. මේ අතර, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කුකුලේ ඟග වාන් දොරටු විවෘත කර ඇති හෙයින් බුලත්සිංහල, අගලවත්ත සහ ඉංගිරිය ප්‍රදේශයෙහි ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top