අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට අද (13) දින පැමිණ තිබේ.

අද දිනයේ ඔහුට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් මීට පෙර සිතාසි නිකුත් කර තිබිණි.

බැදුම්කර කොමිසමට සහය දක්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (12) අර්ජුන් ඇලෝෂියස් මහතාගේ නිවසට ගොස් අද කොමිසම හමුවේ පෙනී සිටින විට බැංකු ගිණුම් ප්‍රකාශනද රැගෙන එන ලෙස ඔහුට දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top