නීති විරෝධී ලෙස රන් ආභරණ තොගයක් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 40ක් පමණ වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කොළඹ පදිංචි කාන්තාවක් දෙදෙනෙක් කටුනායක රේගුව මගින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගේ ඉනෙහි බඳිනලද විශාල පටි දෙකක මෙම රන් ආභරණ තොගය සඟවාගෙන පැමිණ ඇත. එහි බර කිලෝ ග්‍රෑම් 7.7ක් පමණ බව රේගුව පවසයි. කටුනායක රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top