නාවික හමුදාධිපතිතුමන් මඩු දේවස්ථානය වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ එතුමන්ගේ බිරිඳ තිරුනි සින්නයියා මැතිණිය පසුගිය සැප්තැම්බර් මස 10 වන දින මන්නාරම මරද මඩු දේවස්ථානය වැඳ පුදා ගන්නා ලදී. එහිදී, මඩු දේවස්ථානයේ ජ්‍යෙෂ්ඨ පූජක එමිලියන් පිල්ලෙයි පියතුමා විසින් විශේෂ දේව යාඥාවක් සිදු කරමින් නාවික හමුදාධිපතිතුමා සහ ‍එම මැතිණියටත් සමස්ථ නාවික හමුදා පුද්ගලයින් හටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වන අතර තුරදී මෙම දේවස්ථානය වන්දනාමාන කිරීම සඳහා නාවික හමුදාධිපතිතුමන් කටයුතු කර ඇති අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය සනිටුහන් කරනු වස් රියර් අද්මිරාල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

navy.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top