වසර 18කට පසු මුහමාලයි දේවස්ථානයේ මංගල්‍ය

මුහමාලයි ශුද්ධ වූ ආරෝග්‍ය මාතා දේවස්‌ථානයේ වාර්ශික මංගල්‍ය වසර 18කට පසු ලබන 15 වන (සිකුරාදා) දින පැවැත්වීමට නියමිතය.

පූර්ව දේව මෙහෙයුම ලබන 15වනදා ආරම්භ වී 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව පැවැසේ. පසුගිය කාලයේ මුහමාලයි ප්‍රදේශය දරුණු ගැටුම් සිඳුවූ ප්‍රදේශයක් වූ අතර, එම ප්‍රදේශයේ සිටි ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රදේශය හැර ගොස් තිබුණි. එලෙස අවතැන්ව ගිය ජනතාව අතර විශාල පිරිසක් මෙතෙක් නැවත පදිංචිවී නොමැත.

මෙම ප්‍රදේශයේ අධික වශයෙන් අනතුරුදායක පුපුරණ ද්‍රව්‍ය තිබෙන අතර, දැනට බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන රැසක් එහි පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවල නිරතවී සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top