පුන්කුඩුතිව් දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ නඩු තීන්දුව ලබන 27දාට

පුන්කුඩුතිව් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුවේ තීන්දුව ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කර තිබේ.

යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදි ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්‍ධ නඩු විභාගය අද බදාදා දින මහධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසිමහේන්ද්‍රන්, අන්නලිංගම් ප්‍රේමසංකර් සහ එම්. ඉලන්චෙලියන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

නඩුව සම්බන්‍ධ සියළු සාක්‍ෂි සටහන් අදින් අවසන් වූ අතර, යම්කිසි ලිඛිත ඉදිරිපත් කිරීම් ඇත්නම් ලබන සිකුරාදා දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව නියෝග කර තිබේ. අනතුරුව නඩු තීන්දු ලබන 27 වනදා ප්‍රකාශයට පත්කරන බවත් එදින ඝාතනයට ලක්වූ දැරියගේ මවට ද අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top