ARTICLES SRILANKAN NEWS

තමිලරසු පක්‍ෂය ගමන් කරන්නේ මහින්ද රාජපක්‍ෂෙග් අඩි පාරේද?

House_CI– නඩරාජ ගුරුබරන්

ශ්‍රී ලංකා දේශපාලනයේ ශක්තිමත්ව සිටින බවට සිතාගත් කිසිවකු ස්ථීරව සිටීමට නොහැකිවීම ඉතිහාසය අපට ලබාදුන් පාඩමකි… ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් රාජපක්‍ෂ පාලනයේ අවසානය දක්වා පාලනයට පැමිණි සියළු දෙනාම සිය විධායක බලය මඟින් පාලන බලය ස්ථීරව රැක ගැනීමට අපේක්‍ෂා කළහ… නමුත් අවසානයේදී ඔවුන් පරාජයට පත්වී යෑම තමයි ඉතිහාසයක් ලෙස අප දෑස් ඉදිරියේ දැකින්නට ලැබේ… කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් පමණක් දශක තුනක කාලයක් තම අණසකට යටතේ තබා සිටියේය… නමුත් ඔහු ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයකින් පැමිණි පුද්ගලයකු නොවේ.. විමුක්ති අරගලයක් නමින් ආයුධ සන්නද්ධව දේශපාලනයක් කළ පුද්ගලයකි.. ඔහුත් තමන් බලාපොරොත්තුවූ කාලයට පෙර, යෑමට අපේක්‍ෂා කළ ඉලක්කය ලබා ගැනීමට පෙර මුල්ලිවායිකාල්වල සිය අවසානය ලබාගත්තේය.

දින කිහිපයකට පෙර “ මාව වසර 20කට කිසිවකුට පරාජය කරන්න බැහැ යැයි සිතුවා නමුත් පරාජයවුනා“ යන අදහසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද ප්‍රකාශ කර තිබුණි. නමුත් එය ඇසීමෙන් පසු ද දෙමළ ජාතික සන්ධානය, එය මෙල්ල කරමින් සිටින තමිලරසු පක්‍ෂය ද කිසිවකුට හොල්ලන්න බැහැ, ‘කුඹුරක සිටින පඹයකු පෙන්වා දෙජාස යැයි පැවසුවොත් ජනතාව ඇස් පියාගෙන ජන්දය ලබා දෙනු ඇත‘ යැයි තමිලරසු පක්‍ෂය හා එහි සන්ධානකරුවන් සිතන්නේ නම්, මහින්ද රාජපක්‍ෂට සිදුවූ පරාජයට වඩා දැවැන්ත  පරාජයකට යෑමට සිදුවනු ඇත යන කාරණාව මෙහිදී සඳහන් කිරීමට මට කිසිම පැකලීමක් නැහැ.

1985 දී එක්තරා විමුක්ති සංවිධානයක නායකයකු යාපනයේදී ජනතාව ඉතා සැහැල්ලු කර පහත් කොට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.. ප්‍රජාතන්ත්‍රික දේශාපලනය හෝ, ආයුද සන්නද්ධ දේශපාලනය හෝ වේවා සැමදාම ජනතාව මුලාකර ඔවුන්ව මෝඩයන් යැයි සිතා දේශපාලනය කිරීමට, විමුක්තිය ලබා ගැනීමට තැත් කළ කිසිවකු ඉතිහාසයේ ස්ථීරව සිටියේ නැත… ඔවුන් සිටි ඒකාපති පාලන කාලය වෙනස්විය හැක නමුත් ඔවුන් දිගටම රැදී සිටියේ නැත.

එවැනි ඉතිහාස ගත පාඩම්වලින් අවබෝධයක් නොගෙන නැවත නැවැත තම හිස ඇන ගන්නවා පමණක් නොව ඔවුන් කරන්නේ ජනතාවත් මහ පාරට ගෙන ඒමය…

මෙම පූර්විකාව කුමකට දැයි අසන්නේ ද? ඊළ මක්කල් විප්ලවවාදී විමුක්ති පෙරමුණේ වවුනියාව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය ආචාර්‍ය සිවමෝහන් මහතා තමිලරසු පක්‍ෂයට එක්වී එහි සාමාජිකත්වය ලබාගත් බවට මාධ්‍යවල පුවත් පළකර තිබේ… එම සාමාජික පත්‍රය ඉකුත් පක්‍ෂයේ නායක මාවයි සේනාදිරාජා මහතා ලබාගත් බව ද පැවැසේ…

එය සත්‍යක් නම් බලයේ, උඞගුකමෙන් සිටින විට ලොකු, කුඩා පක්‍ෂයන් කඩා සිසිකඩ කර තම සන්ධානයතුල එම පක්‍ෂවල සාමාජිකයන්ව අමතර කොටස් වශයෙන් සම්බන්‍ධ කරගත් මහින්ද රාජපක්‍ෂටත් තමිලරසු පක්‍ෂයටත් කිසිඳු වෙනසක් තිබෙන බව දැක්නට නැත. ඔහු සිංහල කථා කරන නායකයෙක් සිංහල පක්‍ෂයක නායකයෙන්.. මොවුන් දෙමළ කථා කරන පිරිසක් මෙහිදී වෙනසකට තිබෙන්නේ භාෂාව පමණි…

මහින්ද රාජපක්‍ෂ සිය පාලන කාලයේ තම බලය යොදා, පක්‍ෂයන්තුල අර්බුදකාරි තත්වයක් ඇති කළේය.. තමන් සමඟ සම්බන්‍ධවී සිටි අනෙකුත් පක්‍ෂවල මන්ත්‍රීවරුන්ට පවා වරප්‍රසාද ලබාදී නායකත්වයට නොදැන තමන් සමඟ තබාගෙන සිටියේය.. එම නිසා කඳුකර පක්‍ෂ, මුස්ලිම් පක්‍ෂ, දකුණේ මහ ජාතික පක්‍ෂ, ප්‍රධාන විපක්‍ෂයක් ලෙස සිටි එක්සත් ජාතික පක්‍ෂය වැනි සියළු පක්‍ෂයන් දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ දී තිබුණි.

නමුත් බලය හා ශක්තිය අහිමිව ගියේ නම් පරපෝෂිත හැලී යනවා මෙන් සියළු දෙනාම ඉවත්වී යනු ඇත යන කාරණාව මහින්ද රාජපක්‍ෂ මහතා දැන් වටහාගෙන ඇතයි සිතන්නෙමු. විවිද තරඟකාරි තත්වයන්, විරෝධතා රැසක් මැද පක්‍ෂයක් සිය අපේක්‍ෂයකුව ඉදිරිපත් කරන විට, හරි වැරද්දට එහා, එම පක්‍ෂය ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසයට ද්‍රෝහිකම් කර, තම ආත්මාර්තකාමී යහපත උදෙසා තවත් පක්‍ෂයකට පනින පුද්ගලයකු, එම යහපතට හානියක් සිදුවන විට රැකවරණය දුන් කෙනාට හා පක්‍ෂය මහ මඟ දමා තම යහපත පමණක් සොයා ගැනීමට තැත් කරනු ඇත යන කාරණාව මහින්ද රාජපක්‍ෂ මහතා දැන් වටහාගෙන ඇතයි විශ්වාස කරන්නෙමු.

එලෙසම මහින්ද රාජපක්‍ෂ මහතාගේ උඞගුකම මෙන්, තමලරසු පක්‍ෂය ද කටයුතු කර, තමන් සමඟ සන්ධානගතව සිටින කුඩා පක්‍ෂයන් ද ගිල දැමීමට තැත් කරන්නේ නම්, නුදුරේදීම අනෙකුත් පිරිස විසින් තමන්වද ගිල දැමේ යන කාරණාව වටහා ගැනීමේ කාලය වැඩි ඈතක නොමැත.

එය හැර දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණීය විසඳුමක් කරා යන ගමනේදී, තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටින කුඩා පක්‍ෂයන් ද සම්බන්‍ධ කරගෙන, ආත්මාර්තකාමී යහපත් පසක තබා, ජනතාවගේ යහපත පෙරටුකර, සියළු දෙනාවම සම්බන්‍ධකරගෙන ඉදිරියට යන්නේ නම් තමිලරසු පක්‍ෂයේ පැවැත්වම දිගටම තිබේ. නැතිනම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අධිරාජ්‍යය, අනෙකුත් පිරිසගේ අධිරාජ්යයන් දෑස් ඉදිරියේදීම බිඳ වැටී ගියා මෙන් තමිලරසු පක්‍ෂයේ ඒකාධිපති කටයුතු බිඳ වැටෙන කාලය වැඩි ඈතක නොමැත.

පරිවර්ථනය ජස්මින්
Global Tamil News – Sinhala