යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සරසවි සිසුන් විරෝධාවක

vethaයාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඝාතනයට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (24) දින පෙරවරුවේ සිට යාපනය සරසවි සිසුන් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

ඝාතනයට පත්වූ සරසවි සිසුන්ට නීතිමය සාධාරණයක් ලබාදිය යුතු යැයි ඉල්ලා යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට නුවර මාර්ගය අවහිර කරමින් සිසුන් විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාවය පැවැති ස්ථානයේ නිළ ඇඳුමින් පොලිසියේ කිසිවකු පැමිණ නොසිටි අතර, සිවිල් ඇඳුමින් පොලිස් නිළධාරීන් හා බුද්ධි අංශ නිළධාරීන් බොහෝ දෙනෙකු පැමිණ සිටියහ.

අද දහවල් 12ට පමණ සිය විරෝධතාවය අවසන් කළ සිසුන් තම ඉල්ලීම් ඇතුලත් පෙත්සමක් යාපනය දිස්ත්‍රික්ක ලේකම් වේදනායකම් මහතා වෙත භාරදී තිබේ.

img_2110 img_2111
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top