WORLD NEWS

ඝාතන සිද්ධියකට වරදකරු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයෙන් දඞුවම්

බ්‍රිතාන්‍ය දෙමළ ජාතික තරුණයෙකු ඝාතනය කළ වරදකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තිදෙනෙකුට එරට අධිකරණය විසින් බරපතල දඞුවම් නියම කර තිබේ.

කැනඩාවේ පදිංචිව සිටි සුරේන් සිවනාදන් (වයස32) නැමැති තරුණයා, පසුගිය 2017 ජනවාරි මස 20වනදා බ්‍රිතාන්‍ය, මිල්ටන් කීනස් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වී තිබුණි. ඔහුගේ සිරුරේ කැපුම් තුවාල 87ක්ද තිබුණි.

සිද්ධිය සම්බන්‍ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ග්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් අදාළ තරුණයාව ඝාතනය කිරීමේ චෝදනාව ඔප්පුවීමෙන් වැරදකරුවන් බවට තීන්දු කෙරුණු. ඒ අනුව ඥානචන්ද්‍රන් බාලචන්ද්‍රන් (වයස36) සහ තවත් 17 හැවිරිදි තරුණයෙකුට වසර 18ක සිරඳඞුවමක්ද, ප්‍රසාන්ද් තවරාසා (වයස24) නැමැත්තාට වසර 10ක බරපතල වැඩ සහිත සිරඳඞුවම ද නියම කර තිබේ.