පොලිස්‌ අණ නොතකා ගියා යැයි වෙඩි තියන්න බෑ – සම්බන්ධන්

sambanthar - සම්බන්‍ධන්යතුරුපැදියක්‌ පොලිස්‌ අණ නොතකා ධාවනය වූ පළියට ඔවුන්ට වෙඩි තැබිය නොහැකි බව විපක්‍ෂ නායක යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.

යාපනය සරසවි සිසුන්ගේ මරණය සම්බන්‍ධයෙන් කොළඹ පුවත් මාධ්‍යක් විසින් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

යතුරු පැදියකින් පොලිසියේ අණ නොතකා ධාවනය කළ පළියට වෙඩි තැබිය නොහැකි බවත්, මේ සම්බන්‍ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන්ම සිදුවිය යුතු බවත් දැනටමත් සිද්ධියට මුල්වූ පොලිස්‌ වැරදිකරුවන්ට නීතිමය දඬුවම් ලැබී තිබෙන බවද හෙතෙම පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top