විදුලි වර්ජනයට ඉංජිනේරු අධිකාරී සංගමයත් සහාය

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනයට අද (18) මධ්‍යම රාත්‍රියේ සිට එක්වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය තීරණය කර තිබේ.

පැවති ආණ්ඩුව පරාජයට පත්වන මොහොතේ විදුලි බල මණ්ඩලයේ ඉහළ සේවකයන් පිරිසකට අත්තනෝමතික ලෙස ලබා දුන් නීතිවිරෝධී වැටුප් වැඩිවීම වහාම ආපසු කැඳවන ලෙසත් මෙම වැටුප් වැඩිවීම මගින් විදුලි බලමණ්ලයට අතිවිශාල පාඩුවක් සිදුවන බවත් එම පාඩුව පියවීමට විදුලි පාරිභෝගිකයන්ගේ බිලෙන් 50%ක පමණ මිලක් ගෙවීමට සිදුව ඇති බවත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

එම ඉල්ලීම් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පසුගිය 13 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටිති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top