නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනුයේ ජනතා මතය අනුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය (22) දා නුගේගොඩ පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේ සාදා පූජා කළ අභිනව සධාතුක ධාතු මන්දිරය විවෘත කිරීම සහ නව ධර්ම ශාලාව සඳහා මංගල ශිලා ප්‍රතිශ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු සඳහා සියලුම පක්ෂ නියෝජනය වන පරිදි මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති නමුත් නව ව්‍යවස්‌ථාව පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයිද ඒ පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ ජනතා මතය ලැබුණ පසුව බව හෙතෙම පවසා තිබේ.
නව ව්‍යවස්ථාව ගැන මුලික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් ඒය ගැන මහ සංඝරත්නයේ සහ මහජනනතාවගේ අදහස් ලබා ගෙන වැඩි කල් නොගෙන කෙටි කාලයකින් සියලුම අදහස් එකතු කර ව්‍යවස්තාව සකස් කරන බවද හෙතෙම පවසා තිබේ.
නව ව්‍යවස්‌ථාව සඳහා අදහස් ලබා ගැනීමට පත් කළ අනුකමිටු හයක් පත් කර ඇති බවත් එම කමිටු විසින් ලැබෙන වාර්තා නව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයට යොමු කිරීමට අපේක්‌ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment