SRILANKAN NEWS

සාමාන්‍ය පෙළින් අසමත් වන සිසුන්ට උසස් පෙළ අධ්‍යාපනයට වරම්..

වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපන අයිතිය රටේ සියලු දරුවන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කටයුතු යොදා ඇත. එහි නියමු නියමු වැඩසටහන මේ වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, සියලු දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින්, ඔවුන් ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම මෙහි අරමුණ වේ.

ඒ අනුව සා.පෙ. අසමත්වූ දරුවන්ට වෘත්තීය විෂය ධාරාව යටතේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම, හා සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමත්, නිපුනතා සංවර්ධනය කිරීමත් හරහා රටේ පිළිගත් ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම රජය පියවර ගෙන තිබේ.