භාෂාව පදනම් කරගෙන ගැටළු ඇති නොවිය යුතුයි – ජනාධිපති

Maithripala-Sirisena - මෛත්‍රීවිවිධ භාෂාවන් කතා කරන පිරිස් අතර ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ලොව සියලු රටවල මෙන්ම අපේ රටේ ඉතිහාසය තුළද සිදු වූ ඛේදජනක තත්ත්වයක් බවත් භාෂාව මනුෂ්‍යත්වයේ හඩ විය යුතු බවත් භාෂා අනුව පංති බේදයක් හෝ සම්පත් බෙදී යාමේ අසාධාරණයක් නොවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති සමස්ත ලංකා දෙමළ භාෂා දින තරඟාවලියේ සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ඕනෑම ජන වර්ගයකට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පහසුකම් ලබාදීම, තමන්ගේ භාෂාවෙන් පරිපාලන කටයුතු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම රජයක වගකීමක් වන අතර එම අයිතිය තව තවත් තහවුරු කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top