මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය අද අධ්‍යාපන අමාත්‍යංශයෙදී

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රවීණතාව ලැබ උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව පිරිනමනු ලබන මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන අද (22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන් ම අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි තුමා සමරමින් ඉන්දියානු රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ දායකත්වය ඇතිව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලැබීම විශේෂත්වයකි.

එක් දිස්ත්‍රික්කයකින් 6 දෙනෙකු බැගින් වන සේ හඳුනාගත් සිසුදරුවන් 150 දෙනෙකු මෙවර තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට මසක‍ට රුපියල් 2500 බැගින් මූල්‍ය ආධාර ලබාදීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top