යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඝාතනයට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (24) දින කිලිනොච්චියේ විරෝධතාවක් පවත්වා තිබේ.
කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ වූ විරෝධතා පාගමන කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදි ජනාධිපතිවරයා වෙත යැවීම සඳහා වූ පෙත්සමක් දිස්ත්‍රික්ක අතිරේක ලේකම්වරයා වෙත භාරදී තිබේ.



– Global Tamil News : Sinhala