මඩකළපුව සවුක්කඩි ප්‍රදේශයෙහි දෙමළ ජාතිකයන් 33 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සිහිපත් කෙරේ..

මඩකළපුව සවුක්කඩි ප්‍රදේශයෙහි දෙමළ ජාතිකයන් 33 දෙනෙකු ඝාතනයට පත්වී වසර 27ක් ගතවීම සිහිපත් කර අනුස්මරණ කටයුතු ඊයේ (20) දින සවස පැවැත්වුණි. 1990 වසරේ සැප්තැම්බර් මස 20වනදා සවුක්කඩි සහ ආරුමුකනාදන් ප්‍රදේශයේ ජීවත්වූ දෙමළ ජාතිකයන් 33 දෙනෙකු ඉතා කුරීරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිඳුවී වසර 27ක් අවසන්වී තිබේ. එහිදී මියගිය පුද්ගලයන්ව සිහිපත් කර ඔවුන්ගේ ඥාතීන් විසින් මෙලෙස ගුණ සැමරුම් වැඩසටහනක් පවත්වා තිබේ.

ඝාතනයට ලක්වූවන්ට සවුක්කඩි ප්‍රදේශයේ ඉදිකර තිබෙන ස්මාරකයට මල් පූජා කර පහන් දල්වා සිහිපත් කළ අතර විශේෂ ප්‍රාර්ථනාවක්ද සිදු කෙරුණි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති කේ. තුරයිරාජසිංගම් මහතා ඇතුළු ඥාතින් හිතමිතුරන් විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top