ලබන ජනවාරියට පෙර මැතිවරණය පැවැත්වීම සඳහා කතානායකගෙන් උපදෙස්..

ජනවාරි මාසය නිමවිමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහ මාර්තු මාසය නිම වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට රජය පාර්ලිමේන්තුවට දී ඇති පොරොන්දුව ප්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කාතානායවරයා අදාළ ආයතන වෙත දැනුම් දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් යන මහත්වරුන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කළ සාකච්ඡාවකදී කතානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කරන ලදී.

පසුගිය 20දා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට ද කතානායකවරයා ස්වකීය අත්සන සටහන් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top